බීමත්ව රියදුරන් ඇල්ලීම – රු. කෝටි 14ක දඩ ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – බීමත්ව රිය පදවන රියදුරන් කොටුකර ගැනීම සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පසුගිය දින 22ක් පුරා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර අත්අඩංගුවට ගන්නා ලද රියදුරන්ගෙන් දඩ මුදල් හරහා එම දින විස්ස පුරා ලැබුණ ආදායම රුපියල් දාහතර කෝටි විසිහතර ලක්ෂයක් බව පොලිසිය කියයි.

පොලිස් රථවාහන ආඥා පනත යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බීමත් රියදුරන්ගෙන් මෙතරම් අතිවිශාල දඩමුදලක් අයකරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ රියදුරන් 5924 පිරිසක් කොටුකර ගැනීම තුළින් මෙම අතිවිශාල දඩමුදල අයකරගත් බවයි.

මතට තිත තැබීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව එතුමා යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ සිදුකෙරෙන මෙම දැවැන්ත මෙහෙයුමට රථවාන පොලිස් නිලධාරීන් පන්දහසකට වැඩි පිරිසක් යොදවාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 7 =