මවක් සිය නිවුන් බිළිඳියන් දෙදෙනා කපා කොටා ඝාතනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – සමන්තුර පොලිස් වසමේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක සිටි මාස 10 ක් වයසැති නිවුන් බිළිඳියන් දෙදෙනෙකු අද(29) උදෑසන කාලයේ දී කපා කොටා ඝාතනය කර තිබේ.

දැරියන් දෙදෙනාගේ සිරුරු නාන කාමරයේ තිබියදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

දරුවන් දෙදෙනාගේ ගෙල පිහියකින් කපා ඝාතනය කර ඇති බව සමන්තුර පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බිළිඳියන්ගේ මව වන 26 හැවිරිදි කාන්තාවක සැක කෙරෙන අතර , ඇය කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නියක බව සදහන් වේ. එම මව මේවන විට සමන්තුරේ රෝහලට ඇතුලත් කර ඇති අතර මෙම ඝාතනය සම්බන්ධව සැකපිට ඇයව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සමන්තුරේ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *