මැදවච්චිය-අනුරාධපුර මාර්ගයේ තිදෙනෙකුට මරු කැඳවමින් අනතුරක්

(කොළඹ, ලංකාපුවත්) –මැදවච්චිය – අනුරාධපුරය මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේ සිදවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අනතුර සිදුවුණේ ඊයේ (28)රාත්‍රියේය.

යාපනය දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් හා දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවිය. තුවාල ලැබූවන් අනුරාධපුරය රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අතර දැරියන් දෙදෙනෙක් හා පිරිමි දරුවෙක් ද සිටින බව ද සදහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනිණ. ලොරි රථයේ රියදුරු පළාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =