“මිනි මවුස්” හඬ නිහඩ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දශක තුනක් පුරා ලෝක ප්‍රකට “මිනි මවුස්” කාටුන් චරිතයට හඬ දුන් රූසි ටේලර් මිය ගියාය. වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කරන්නේ 75 වැනි වියේ පසුවූ ඇය කැලිෆෝනියාවේ ගලෙන් ඩේල් හීදී අභාවප්‍රාප්ත වූ බවයි.

මිකී මවුස් කාටුන් චරිතයේ සහකාරිය වන උස් හඬකින් අමතන මිනී මවුස් ට පණ දෙමින් 1986 සිට රුපවාහිනී සජීවී කරන කතා මාලා හා චිත්‍රපට යනාදියට ටේලර් හඬ දුනි.

ලෝ ප්‍රකට “සිම්ප්සන්ස්” කාටුන් කතා මාලාවේ “බාර්ට්” චරිතයේ මිතුරු “මාර්ටින්” වෙනුවෙන් ද ඇය සිය හඬ මුසු කර තිබේ.

මිකී මවුස් කාටුන් චරිතවල පිළිබිඹුව සැබෑ ජීවිතවලට ද ගෙන ආ ටේලර් වේන් අල්වයින් සමග විවාහ වී සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =