යුද හමුදාපති යළි තේරීම් කාරක සභාව හමුවට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක ලබන 31 වනදා යළි රැස්වීමට නියමිතය.

තේරීම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ පෙරවරු 10 ට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිත අතර, එදිනට හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි.

මීට අමතරව, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ද යළි සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බවත් ලබන මස 6 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ එදිනට දැනට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන , නීතිය හා සාමය විෂය භාරව කටයුතු කළ සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් ද සාක්ෂි ලබාදීමට නියමිත බවයි.

සියලූ සාක්ෂි විමසීම් අගෝස්තු 10 වනදාට පෙර අවසන් කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තීරණය කර ඇති අතර, එහි වාර්තාව අගෝස්තු 23 වනදා නිකුත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =