විමල්ට එරෙහි දූෂණ නඩුව ලබන 08 කැඳවීමට නියෝග

(කොළඹ, ලංකාපුවත්) – හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ දූෂණ නඩුවක් අගෝස්තු 08 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද(29) නියෝග කළේය.

ඒ වසර 06 ක් තුළ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 ක් වටිනා මුදල් හා දේපල අයථා ලෙස උපයාගෙන ඇති බවට චෝදනා කරමින්ය.

මෙම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ආයතන කිහිපයක පරිගණක පද්ධති පරික්ෂා කිරීමට විත්ති පාර්ශ්වයට අවසර ලැබී නැති බව අධිකරණයට ප්‍රකාශ කෙරුණි. සිද්ධීන් 39 ක් යටතේ අල්ලක් කොමිසම මහාධිකරණයේ අධි චෝදනා ගොණු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *