ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු පිරිසක් ඉකුත්දා(27) ජනාධිපති කාර්යාලයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ඒ අනුව,

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කුලියාපිටිය ආසන සංවිධායක ලෙස – ධර්මසිරි දසනායක මහතා ද
බිංගිරිය ආසන සංවිධායක ලෙස – අතුල විජේසිංහ මහතා ද
කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස – සම්පත් සුසන්ත කැටවලගෙදර මහතා ද,
පුත්තලම දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස – නීතිඥ ශාන්ත හේරත් මහතා ද පත් කර තිබේ.

අම්පාර ආසන සංවිධායක ලෙස – ශ‍්‍රීයානි විජේවික‍්‍රම මහත්මිය ද,
කල්මුණේ ආසන සංවිධායක ලෙස – නීතිඥ යූ.එම්. නිෂාර් මහතා ද,
පොතුව්ල් ආසන සංවිධායක ලෙස – ඒ.එම්. අබ්දුල් මජීඞ් මහතා ද,
සමන්තුරේ ආසන ආසන සංවිධායක ලෙස – ඒ.බී. අච්චු මොහොමඞ් මහතා ද පත් කර ඇත.

මේ අතර අම්පාර දිස්ති‍්‍රක්කය සඳහා පත් කෙරුණු දිස්ති‍්‍රක් සංවිධායකවරු කිහිප දෙනෙකු ද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

එමෙන් ම නැගෙනහිර කොළඹ සංවිධායකවරයෙකු ලෙස – ප‍්‍රදීප් ජයවර්ධන මහතා ද
ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස – ඉන්දික රාජපක්ෂ මහතා ද
රත්නපුර දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස – කුඩාබණ්ඩාර ඉලූක්පිටිය මහතා ද
කරන්දෙණිය සම සංවිධායක ලෙස – රම්‍ය ශ‍්‍රී විජේතුංග මහතා ද
ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් සංවිධායකවරු ලෙස – අක‍්‍රම් හා ජවාහීර් යන මහත්වරුන් ද
මඩකලපුව දිස්ති‍්‍රක් සංවිධායකවරු ලෙස – මිනාදර්ශනී සහ සුදර්ශන් යන මහත්ම මහත්මීන් ද

පත් කර තිබෙන අතර ඔවුන් ද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගනු ලැබී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *