ප‍්‍රදීප් ගුණවර්ධන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන විධායක නිලධාරි ධූරයට

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රදීප් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පසුගියදා පත්කරනු ලැබීය.

මෙයට පෙර ප්‍රදීප් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායකවරයා වශයෙන් ද කටයුතු කළ අතර කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ඉහළ පෙළේ තනතුරු දරා ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා හැටියට ද, රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හැටියට ද, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා හැටියට ද, ලංකා පුවත් සමාගමේ සභාපතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරයකු හැටියට ද සේවය කර ඇති ගුණවර්ධන මහතා තමන්ගේ සේවා කාලයේදී එම ආයතන ඉතා දියුණු තත්ත්වයට පත්කරනු ලැබීය.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් හඳුන්වා දුන් උපහාර පැකේජය, පාසල් සිසුන් වෙනුවෙන් හඳුන්වා දුන් වෙබ් පාඨමාලා ව්‍යාපෘතිය ආදී පුරෝගාමී කාර්යයන් සඳහා මූලික වූ ඔහු ආයතන පරිපාලනය පිළිබඳ ඉහළ දස්කම් දැක්වූ නිලධාරියෙකි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ශ්‍රීලනිප ගම්පහ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *