සීගිරියට එන සංචාරකයන් 70%කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්‍රහාරයෙන් පසු සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 70කින් මේ වන විටත් වර්ධනය වී තිබේ.

මේ දිනවල වැඩි වශයෙන් සීගිරිය නැරඹීම සඳහා බටහිර රටවල සංචාරකයන් පැමිණෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

එක් දිනකට විදේශීය සංචාරකයන් 900කට අධික පිරිසක් එහි පැමිණෙන බවත් දේශීය සංචාරකයන් 600කට පමණ වැඩි පිරිසක් පැමිණෙන බවත් හෙතෙම සඳහන් කළේය. සති අන්තයේදී විදේශීය සංචාරකයන්ගේ වැඩි වීමක් නොමැති වුවද දේශීය සංචාරකයන්ගේ පැමිණීම 2500 දක්වා ඉහළ යෑම විශේෂත්වයක් බව හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *