ජනතාවගෙන් වැඩි පිරිස මත් විරෝධී සටන සමඟයි – ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය විරෝධී සටනේදී තමා තනි වී නොමැති බවත් රටේ ජනතාව සියයට අනූවක් පමණ එම සටන සමග එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

සබරගමුව ලස්සනයි වැඩසටහන හදුන්වාදීම සහ කිතුල් සම්බන්ධ ප්‍රඥප්තිය එළිදැක්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභා සංකීර්ණයේදී උත්සවයක් පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

සබරගමුව පළාතත් එහි ජනතාවගේ ආර්ථිකයත් නංවාලීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්ෂේත්‍ර 15 ක් ඔස්සේ සබරගමුව ලස්සනයි වැඩසටහන හදුන්වා දී ඇත.
සබරගමුව ලස්සනයි නාම පුවරුව දුරස්ථ පාලකයක් මඟින් නිරාවරණය කිරීම සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ අතිනි. ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථය සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

කිතුල – කිතුල වෙබ් අඩවිය සහ සබරගමුව පළාතේ පාසල් තොරතුරු ඇතුළත් සිප් තතු වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේද ජනාධිපතිතුමා අතිනි. ජනාධිපතිතුමා වෙනුවෙන් සිහිවටන තිළිණයක් මෙහිදී පිළිගන්වනු ලැබීය. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ තමා සියලු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =