තිලාන් සමරවීරට නවසීලන්ත ක්‍රිකට් තනතුරක්

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරය සඳහා පිතිකරණ පුහුණු උපදේශක ලෙස තිලාන් සමරවීර එක් කර ගන්නා බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශුරතාවය යටතේ අගොස්තු 14-18 / 22- 26 පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම තරගාවලියේදී ,හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෙක් මෙන්ම පිතිකරණ පුහුණූකරුවෙක් වු තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායම සමග කටයුතු කිරිමට‍ එකඟතාවයකට පැමිණ ඇත.

මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායම සමග තිලාන් සමරවීර එක්විමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *