පාකිස්තාන හමුදා ගුවන් යානයක් කඩා වැටී 17ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කුඩා හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 17දෙනෙකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

අද අලුයම මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ.

ගුවන් යානයේ සිටි හමුදා නිලධාරීන් පස් දෙනෙකු සහ සිවිල් වැසියන් දොලොස්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් දොළොස් දෙනෙකු තුවාල ලබා ඇත.

යානය කඩා වැටීමෙන් නිවාසකිහිපයකට හානි සිදුව ඇති බව ද සඳහන්වේ. එය පුහුණු කිරීම් සඳහා යොදා ගන්නා ගුවන් යානයක් බවට මේ වන විට හදුනාගෙන තිබෙන අතර අනතුරට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

මෙම ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයට විශාල පිරිසක් එක්ව සිටින බව ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 11 =