බ්‍රසීලයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් 57ක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 57දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාරයේ සිරකරුවන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ මෙම ගැටුම පැය පහක කාලයක් පැවති බව බන්ධනාගාර බලධාරීන් පවසයි.

බ්‍රසීලයේ අල්ටමීරා බන්ධනාගාරයේ මෙම ගැටුම හට ගෙන ඇති බව සදහන් වේ.

මියගිය අයගෙන් 16 දෙනෙකුගේ හිස ගසා මරා දමා ඇති අතර බන්ධනාගාරයේ එක් කොටසක් ගිනි තබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සිරකරුවන් කිහිප දෙනෙකු එක්ව ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට නිදහස් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =