මරණ දඩුවම නියමවූවන් 475ක් – එල්ලුම් ගසත් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මරණ දණ්ඩනය නියමවූ සිරකරුවන් මේ වන විට 1211 දෙනකු සිටින බවත්,මෙයින් 475 දෙනකුට ස්ථිර වශයෙන් මරණ දණ්ඩනය හිමිවන බවත් මෙම 1211 දෙනා අතරින් පුද්ගලයින් 736ක් අභියාචනා ඉදිරිපත්කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් මහතා කියයි.

ස්ථිර වශයෙන් මරණ දණ්ඩනය හිමිවන අය අතර කාන්තාවන් 06 දෙනකු වේ.අභියාචනා සිරකරුවන් 736 ක් අතරින් 706 දෙනකු පිරිමි අයවේ.

ස්ථිර වශයෙන් මරණ දණ්ඩනය හිමිවන සිරකරුවන් 475 දෙනාගෙන් 35 දෙනකු මත්ද්‍රව්‍ය චෝදනා යටතේ වරදකරුවන්වී දඬුවම් නියම වී සිටී.එයින් එක් අයකු කාන්තාවකි.
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවැසූවේ ජනාධිපතිතුමන් දැනුම් දෙන ඕනෑම අවස්ථාවක මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් බවත් වධක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනකු තෝරාගෙන ඇති බවත් ය.

දැනට මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු පවතින බැවින් තීන්දු තීරණ පිළීබඳව වැඩිදුර අදහස් ප්‍රකාශ කළ නොහැකි බවද ඒ මහතා කියයි.

මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ සංඛ්‍යාව 23,800 ඉක්ම වන අතර මෙයින් 9800ක් අභියාචනාඉදිරිපත් කර තිබේ.මේ පිරිස අතරින් 40%ක් යම් මත්දුව්‍යයක් භාවිතා කිරීම මත සිරගත වී ඇති අය වෙති. මෙම 28,300ක් රැදවියන් අතරින් 16,000ක් සැකකරුවෝ වෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =