සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා CCD අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කටුපොත ප්‍රදේශයේදී කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 28 හැවිරිදි මොහම්මදු අබ්දුල් කාදර් නමැති පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 9 =