හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) –හෙරොයින් ජාවාරම්කරුවෙකුට අද (30) මරණ දඩුවම නියම කෙරුණි. හෙරොයින් ලග තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔහුට අධි චෝදනා ගොනුකර තිබේ.

කොළඹ මහාධිකරණයේදී නඩුව අද (30) කැදවූ අවස්ථාවේදී විනිසුරු විකුම් කලුආරච්චි මහතා නියෝගය නිකුත් කළේය.

ඔහු මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි. 2016 වසරේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ භෙරොයින් කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 689 ක් සමඟිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 3 =