දෙවන පාසල් වාරය හෙටින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ දෙවන පාසල් වාරය හෙටින්(01) අවසන්වේ. ඒ අනුව රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 02වනදා ය.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන , සම්මන්ත්‍රණ සහ උපකාරක පන්ති පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කෙරුණි.

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ද සියලු උපකාරක පන්ති හා දේශන පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කෙරේ. ඒ අනුව විභාග පැවැත්වෙන කාලය තුළ උපකාරක පන්ති සංවිධාන කිරීම , මෙහෙයවීම , දේශන සම්මන්ත්‍රණ හා වැඩමුලු පැවැත්වීම තහනම් වේ.

ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය , බෙදාහැරීම ඒ බව සඳහන් පෝසටර් , බැනර් , අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබාගැනීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 4 වනදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ආරම්භ වන්නේ ලබන 5 වනදා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *