රාජ්‍ය ඇමති රන්ජන් ගැන අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම විශේෂ නිවේදනය පහත පරිදි වේ.

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති වීඩියෝව බොහෝ පිරිස් විසින් මගේ අවධානයට යොමු කර ඇත.

කැළණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස ඒ වීඩියෝවේ සඳහන් කරුණු මම ප්‍රතිෙක්‍ෂ්ප කරන අතර, රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව මවිසින් පත් කරන ලද කමිටුවේ අවධානයට මෙම වීඩියෝව ද යොමු කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 1 =