“උක් බෝගය“ ප්‍රධාන වැවිලි බෝගයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා “උක් බෝගය“ ප්‍රධාන වැවිලි බෝගයක් වශයෙන් නම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් මෙම යෝජනාවඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමාන සීනි පරිභෝජනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 670,000 ක් වන අතර, එම අවශ්‍යතාවයෙන් සියයට 91 ක් සපුරා ගනු ලබන්නේ ආනයනය කිරීමෙනි.ඒ සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් වැය වේ.

එමෙන්ම 2020 වන විට දේශීය සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 700,000 දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි පරිදි උක් වගා කිරීම සඳහා මොනරාගල, මඩකලපුව, කිලිනොච්චිය, අනුරාධපුරය, ත්‍රිකූණාමලය, අම්පාර, බදුල්ල හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉඩම් අක්කර 104,000 ක් පමණ හඳුනා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *