මිහින්තලය ජාතික උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් පොසොන් සතිය හා මිහින්තලා පෙරහැර ජාතික උත්සවය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් මිහින්තලය පොසොන් පෙරහැර සඳහා වාර්ෂිකව ප්‍රතිපාදන සලසා දීමටත් බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මඟින් අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස අගමැතිරනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

විශේෂිත පිංකම් හා චාරිත්‍ර සමඟින් පොසොන් උත්සවය, ජාතික උත්සවයක් ලෙස පැවැත් විමේ දී ඇති වන දුෂ්කරතාවයන් අවම කර ගැනීමට මෙම පියවර ගෙන ඇත.

ඒ සඳහා දැනට ලබා දෙන රාජ්‍ය අනුග්‍රහයට සාපේක්ෂව ඉහළ දායකත්වයක් රජය විසින් ලබා දීමේ අවශ්‍ය වන බව නිරීක්ෂණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *