ස්විස් තානාපති නිල නිවස ඉදිරිපිටදී ගුවන් හමුදා භටයෙක් වෙඩි තබාගනී

(කොළඹ, ලංකාපුවත්) – කොල්ලුපිටියේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවසේ ආරක්ෂාව සඳහා සිටි ගුවන් හමුදා සෙබලෙකු සියදිවි හානි කරගෙන තිබේ.

අද(31) සවස 01.15ට පමණ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මෙම සෙබලා සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ ගම්පොල පදිංචි බී. ඩී. බී. එම්. වීරසේකර නැමැති අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *