ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා මියගොස් ඇතැයි අමෙරිකාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – අල්කයිඩා නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බව අමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් සදහන් කර ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔවුන් හෙළිකර නොමැත. එසේම හම්සා බින් ලාඩන් මිය යන විට සිටි ස්ථානය හෝ මියගිය දිනය පිළිබඳ තොරතුරු අපැහැදිලි ය.

හම්සා බින් ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට අමෙරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවට මීට පෙර ප‍්‍රකාශයට පත්කර තිබුනි. ඔහු පසුගිය කාලයේ අමෙරිකාව ඇතුළු රටවල් රැසකට ප‍්‍රහාර එල්ල කරන බවට හඩපට නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.

හම්සා බින් ලාඩන්ගේ වයස අවුරුදු 30 ක් පමණ වනු ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − three =