ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික පාසල් විදුහල්පති තනතුර සදහා අයදුම්පත් කැදවා තිබේ.

සුදුසුකම්ලත් අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට ඒ සදහා අයදුම්කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.

මේ මස 21වනදාට පෙර අයදුම්පත් යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනු ලැබේ. විදුහල්පති සේවයේ තුන්වන පන්තියට නිලධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ද මේවන විට ක‍්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 17 =