ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල, පූජ්‍ය මැදගම ධම්මානන්ද, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද යන නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් යුතුව ජනාධිපතිතුමා විසින් මෙම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත් කර තිබේ.

වසර දෙදහස් පන්සියයකට අධික කාලයක සිට වර්තමානය දක්වා මෙරට භික්ෂු පරම්පරාවේ දායකත්වයෙන් සුරක්ෂිතව රැගෙන ආ නිර්මල ථෙරවාදි බුදු දහම ඇතුළත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමට ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත් ඉන් නොනැවති ථෙරවාදි ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීමට අදාළ වැඩපිළිවෙළ ද සකස් කරන ලදී.

අධර්මවාදී බලවේගවලින් ත්‍රිපිටක ධර්මය ආරක්ෂාකර ගැනීමේ පරම චේතනාව ඇතිව මෙරට රාජ්‍ය නායකයෙකු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සපුරාලු ඓතිහාසික කාර්යභාර්ය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා එම ජතික වගකීම ඉටු කළ අතර ජනාධිපතිතුමා විසින් අද දින පත් කරන ලද ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ඉදිරියේ දී ත්‍රිපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය සපුරා තහනම් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *