මුහුදු සීමා ඉක්මවූ ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –නීති විරෝධී අන්දමින් ශ‍්‍රි ලංකා මුහුදු සීමාවේ ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ජාතිකයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කරයි. ඒ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රාවක් සමඟින්ය.

කෝවිලම් ප‍්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දී ඊයේ(31)වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාව මඟින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්ථමේන්තුවට අයත් යාත්‍රාවක් වෙත බාරදීමට කටයුතු කර ඇති අතර, වෙරළාරක්‍ෂක යාත්‍රාව මඟින් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිත..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + fourteen =