සබීතා පෙරේරා ජනපති කොමිසමට නොපැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය අද (01) ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා තිබුනි.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබාදීමට ය. කෙසේ නමුත් අද ඇය එහි පැමිණ නොමැත.

ඒ අනූව ඇයට ලබන 05 වැනිදා පැමිණෙන ලෙස කොමිසම දන්වා තිබේ. පසුගිය 17 වැනි දින පැමිණෙන ලෙස මීට පෙර දන්වා තිබුණ ද ඇය එදින ද නොපැමිණි බව, කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට සබීතා පෙරේරා මහත්මිය ගැන කොමිසම හමුවේ කරුණු හෙළි වී ඇති හෙයින් ඇයගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 4 =