නීතිය පාසල් විෂයට

(කොළඹ, ලංකාපුවත්) –වත්මන් ආණ්ඩුව ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවත් ඒ යටතේ ඉදිරියේදී නීතිය පාසල් විෂය මාලාවට එක් කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කොළඹ පැවති උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එදිනෙදා නීතිය නොදැන සිටීම විශාල ගැටලුවක් වී ඇති නිසා අධිකරණ අමාත්‍යවරිය හා එක්ව නීතිය විෂය මාලාවට එක් කිරීමට සූදානම් බවයි.

එහිදී තාක්ෂණයත් සමඟ ඉදිරියට යා යුතු බවද පැවසූ අමාත්‍යවරයා, එම ගමන යනවා සේම හොඳ හදවතක් ඇති අපේකම තියෙන මිනිසුන් බිහි කළ යුතු බවත් පැවසීය. ඊට අමතරව පැය 24කින් නියම විභාග සහතිකය නිවසටම ලබා ගන්නා ක්‍රමවේදය මේ වන විට සාදා අවසන් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *