වසරේ ගතවූ මාස 07 තුළ අපරාධ නඩු 4390ක විමර්ශණ අවසන්

(කොළඹ, ලංකාපුවත්) – 2019 වසර ආරම්භයේ සිට ගතවූ මාස 07 ක පමණ කාලයේදී අපරාධ නඩු හාරදහස් තුන්සිය අනූවක විමර්ශණ අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එසේම , මේ වසරේ නඩු ගොණු 2901 ක් මහාධිකරණය වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සදහන් කළාය.

එමෙන්ම ගතවූ මාස 07 ක කාලය තුල සැකකරුවන් 242 දෙනෙකු නිදහස් කිරීමට අදාල උපදෙස් දී ඇති බවද නිෂාරා මෙනවිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *