විදෙස් මිතුරන්ට සංචාරයට ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත නැවත නගා සිටුවීම වේගවත් කිරීම සඳහා ජගත් මිත්‍රත්ව දිනයේදී ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් වෙතින් ‘ Bring a Friend Home ප්‍රවර්ධන වැඩසටහන අරඹයි.

Bring a Friend Home පුවර්ධන වැඩසටහන සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙණි.

මෙම ප්‍රවර්ධ වැඩසටහනෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව ජීවයක් ලබාදීමට මෙන්ම මෙරට සංචාරක කර්මාන්තය මුහුණ පා සිටින අභියෝග ජයගැනීම සඳහා සුවිශේෂි නවෝත්පාදනයක් හදුන්වා දී තිබේ. මෙරට මෙන්ම විදෙස්ගතව ශ්‍රී ලාංකිකයන් සහ මෙරට වෙසෙන විදේශිකයන් ආකර්ශණීය පැකේජ පෙළක් හරහා ඔවුන්ගේ විදෙස් මිතුරන් මෙරටට කැදවීම සඳහා දිරිගැන්වීම සිදු වේ. ලෝකයා තුළ ශ්‍රී ලංකාව වෙතනොපමාව පැමිණීමේ හැගීමක් සන්නිවේදනය කිරිම හා අන්තර්ජාල පදනම් කොටගත් මාධ්‍ය තුළින් මෙරට සංචාරය සඳහා ඉතා ආරක්ෂිත ගමනාන්තයක් යන පණිවුඩය ලොවපුරා ප්‍රචලිත කිරිම මෙහි අරමුණ වේ.

Bring a Friend Home ප්‍රවර්ධන වැඩසටහනට සහභාගීවීම සඳහා කළ යුත්තේ ලියාපදිංච්වීම, ආරාධනා කිරිම, ආරාධනා පිළිගැනීම හා සංචාරයේ නිරතවීම යන සරල පියවර හතර අනුගමනය කිරීමයි. මෙරට හෝ විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකියන් සහ නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ වාසය කරන විදේශිකයන් තම විදේශිය මිතුරෙකු නම් කරමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා ඇතුළත්වීමට සුදුසුකම් ලබයි. මේ අනුව අයදුම්කරුවන් ඊමේල්, වට්ස් ඇප්, ‍ෆේස් බුක් හෝ ට්විටර් මාධ්‍යන් ඔස්සේ විදෙස්ගත මිතුන් එක් කෙනෙකුට හෝ වැඩි පිරිසකට ආරාධනා කිරීමේ අවස්ථාව උදාවේ. මෙම ආරාධනා 2019 ජූලි 30 සිට දෙසැම්බර් 15 දක්වා යොමු කිරීමේ හැකියාව ඇති අතර ආගන්තුකයන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමේ කාලයද ඒ අතර විය යුතුය.

ආරාධිතයා වන විදේශිකයා හෝ විදේශයක වාසය කරන ශ්‍රී ලාංකිකයා www.bringafriendhome.com ප්‍රවර්ධන වෙබ් අඩවියේ ඇති පැකේජවලින් එකක් හො වැඩි ප්‍රමාණයක් මිලදී ගැනිමට හැකිවේ. මෙම පැකේජ විශේෂයෙන් සකස් කොට ඇත්තේ වෙරළ තීරයන්, සොබාදහම් ඉසව්, වික්‍රමාන්විත පරිශ්‍රයන්, නගර සංචාරයන් ආදිය ඇතුළත් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *