විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 6659ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 6659ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 05 වනදා සිට ආරම්භ විය.

මෙම මෙහෙයුමේ දී ඊයේ (31) උදෑසන 6 සිට අද (01) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 180ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 6659කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *