දළඳා මාළිගාව අවට මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් කරන්න උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී දළඳා මාළිගාව ආශ්‍රිත පූජා භූමිය මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් සුරා බදු නිලධාරීන්ට සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ලබන 05 වනදා සිට 15 වනදා දක්වා සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට පියවර ගෙන ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇසළ මහා පෙරහැර වෙනුවෙන් මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, පේරාදෙණිය, කටුගස්තොට, අලදෙණිය, අඹතැන්න, මඩවල, මැණික්හින්න, දිගන සහ තලාතුඔය ප්‍රදේශවල සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට පියවර ගෙන ඇත.

මේ අතර දළඳා මාලිගාවේ සිට කිලෝමීටර් 08ක දුරක් තුළ පවතින මත්පැන් සිල්ලරට අලෙවි කිරීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හා විශේෂ බලපත්‍ර ස්ථාන ද වසා තැබීමට නියෝග කර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *