හම්බන්තොට නගරාධිපතිට වසර 05ක සිරදඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරනමාන යන අයට පස් වසරක සිරදඩුවම් අද(02) නියම කෙරුණි.

2014 වසරේ අප්‍රේල් 17 වන දින හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා 20 ක් යටතේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබාදෙමින් ඔවුන්ට සිර දඩුවම් නියම විය.

හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් තීන්දුව ලබාදුන්නේය. පස්දෙනෙකුට එරෙහිව චෝදනා පැවතිය ද ඉන් තුන්දෙනෙකු මුදාහැරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 − 2 =