මොණරාගලට ජල සැපයුම අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –මොණරාගල කුඹුක්කන් ඔය ජලාශයට ඉන්ධන හා ග්‍රීස් ඇතුළු අපද්‍රව්‍ය බැහැරවීම හේතුවෙන් මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහාන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට(03) දක්වා එම ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

විදුලිබල මණ්ඩලයේ ඇල්බීසියාව වාෂ්ප විදුලි බලගාරයෙන් මොණරාගල කුඹක්කන් ඔය ජලාශයට තෙල් හා ග්‍රිස් ඇතුළු අපද්‍රව්‍ය බැහැරවීම හේතුවෙන් පසුගිය 30 වැනි දින පස්වරුවේ සිට මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *