ඉන්දුනීසියාවේ තාක්ෂණික දෝෂයකින් විදුලි බිඳවැටීමක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ නගර කිහිපයකට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් මිලියන 10කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වේලාවෙන් උදෑසන 5.00 සිට බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 9 ක කාලයක් ගතව ඇති බව සදහන් වේ.

ඒ හේතුවෙන් ජකර්තා නගරයේ සහ අවට නගරවල දුරකථන ජාලද ඇණහිට තිබුණි.

එමෙන්ම මාර්ග සංඥා ද අක්‍රියවී තිබූ අතර මගී දුම්රිය සේවාවන්ටද බලපෑම් එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *