උසස්පෙළ විභාගයට ගිය ඇමති රන්ජන්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අද(05) විභාග මධ්‍යස්ථානයට පැමිණියේය.

පෞද්ගලික අයඳුම්කරුවෙකු ලෙස ඔහු විභාගයට පෙනී සිටි.

ඒ අනූව අද පෙරවරුවේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට ඔහු පැමිණියේය. ඒ ක්‍රිස්තු ධර්මය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමටය.

දේශපාලන විද්‍යාව හා ජනමාධ්‍ය විෂයන් සඳහා පිළිතුරු ලිවීමට ද ඔහු ඉදිරියේ දී සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 1 =