ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයෙන් අමෙරිකා නිවේදනය ගැන පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඇතැම් පාර්ශව වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ඇතැම් පාර්ශව එම උපදේශනය ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති බවට හැඟවෙන පරිදි සිදුකරන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන සාමාන්‍ය නිවේදනයක් බවයි.

එමෙන්ම අදාළ උපදේශනය “දෙවන මට්ටමේ ආරක්ෂක තත්ත්වයක්” පිළිබඳ සිදුකළ දැනුම් දීමක් බවද ඇය පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම අමෙරිකානු සංචාරක උපදේශන වල ආරක්ෂක මට්ටම් 04ක් පවතින අතර මේ වනවිට දෙවන මට්ටමේ ආරක්ෂක තත්ත්වයක් ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, චීනය බුරුමය යන රටවල් සම්බන්ධයෙන්ද නිකුත් කර ඇති බව අමෙරිකානු තානාපතිවරිය ප්‍රකාශ කළේය.

අමෙරිකානු සංචාරක උපදේශන වල සිව්වන මට්ටම ලෙස සැලකෙන ලෙස කිසිසේත් සංචාරය නොකළයුතු රටවල් අතරට ඇෆ්ගනිස්ථානය, ඉරානය සහ වෙනිසියුලාව අයත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *