දඹුල්ල නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අද(05) අළුයම් කාලයේදී දඹුල්ල පොලිස් වසමේ ජලාශ පාර ප්‍රදේශයේදී අසල්වැසි පුද්ගලයෙකුට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. පුද්ගලික ආරවුලක් මත මෙය සිදුව තිබේ.

තුවාලකරු මේ වනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරයාව දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =