විග්නේෂ්වරන්ගේ තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියාචනාධිකරණය තීන්දු කළේය.

මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලයි තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදි.

ඩෙනීෂ්වරන් මහතා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය ද නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය තීන්දු කළේය. එවැනි පත්කිරීමක් සිදු කිරීමට මහ ඇමතිවරයා බලයක් නොමැති බවටද තීරණය කෙරුණි.

තමන් අමාත්‍යධුරයෙන් නෙරපීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඩෙනීෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබුණි. ඒ දුෂණ චෝදනා එල්ලකරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක අමාත්‍යවරයෙකු නෙරපීමේ බලය ආණ්ඩුකාරවරයාට පමණක් හිමිවන බව පෙත්සම්කරුගේ තර්කය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =