ජාතික දැල්පන්දු සමස්ත ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

(කොළඹ, ලංකාපුවත්) –28 වන ශ්‍රී ලංකා පාසල් ජාතික දැල්පන්දු ශුරතාවලියේ, සමස්ත ශූරතාව හිමිකර ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත්විය.

ඔවුන් මෙම ශූරතාව අඛණ්ඩව හිමිකරගත්තේ අඛණ්ඩව 12 වැනි වරටය.

තරගාවලිය පසුගිය සෙනසුරාදා(03) අවසන් වුණේ, කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදීය.

දිවයින පුරා පාසල් ක්‍රීඩිකාවන් 1500කගේ පමන සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වුනි.

තරගාවලිය වයස් කාණ්ඩ 4ක් යටතේ පැවති අතර, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ ශූරතා ද්විත්වයම දිනාගත්තේය. ඔවුන් 17න් පහළ සහ 19න් පහළ අනු ශූරතාව දිනාගැනීමට සමත්වූවාය.

වයස අවුරුදු 13ක් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අකිත්ම අබේසිංහ දිනා ගත් අතර 15ක් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශුද්ධ වූ පවුලේ කන්‍යාරායේ ශලනි නීෂා සම්මාන දිනා ගත්තාය. මියුසිස් විද්‍යාලයේ නෙත්මි විජේනායක 17න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසත්, කළුතර බාලිකා විද්‍යාලයේ දෙව්නා රන්දිනි 19න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන හිමිකර ගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *