සැම්සුන් සමාගමෙන් නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනයක්

(කොළඹ, ලංකාපුවත්) –සැම්සුන් සමාගමේ නිෂ්පාදිත ප්‍රථම නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනය සැප්තැම්බර් මස වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

එම උපාංගයේ හටගත් යම් දෝෂයක් හේතුවෙන් පෙර සැලසුම් කළ දිනට නිකුත් කිරීමට නොහැකි විය. ඩොලර් 2,000ට ආසන්න මෙම උපාංගය වැඩිදියුණු කර ඇති අතර, තෝරා ගත් වෙළෙඳපොළ තුළ මෙය විකිණීමට බලාපොරොත්තු වන බව සැම්සුන් සමාගම පවසයි.

සැම්සුන් ගැලැක්සි වර්ගයේ මෙම ජංගම දුරකතනයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා භාවිත කිරීමට ලබා දුන් පුද්ගලයන් එහි තිරය පළුදු වූ බව පැමිණිලි කිරීම හේතුවෙන්, එය අප්‍රේල් මස වෙළෙඳපොළට නිකුත් කිරීමට තිබූ සැලසුම වෙනස් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *