විදුලි පාරිභෝගිකයාට ඉදිරියේදී පෙරගෙවුම් විදුලි මීටරයක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලි පාරිභෝගිකයාට ඉදිරියේදී පෙරගෙවුම් විදුලි මීටරයක් හදුන්වා දීමට පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කළේය.

ඇමතිවරයා පසුගියදා මහනුවර නිල සංචාරයේදී අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ බැහැ දැක, සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කල අමාත්‍යවරයා,

“ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සමරණ අවස්ථාවේදී පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කිරීම ආරම්භ කරනවා. දීර්ඝ කාලයක් ඒකාධිකාරියක් පැවති ලංකා විදුලිබල මණ්ඩලය, මේ වනවිට පාරිභෝගිකයා මුල් කරගනිමින් දැන් කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අනුව නව විදුලි බිල් ක්‍රමයක් ඇති කිරී, ගෘහස්ත නව විදුලි සබදතා සතියක් වැනි කාලයකින් ලබාදිම, පාරිභෝගික ගැටලු වෙනුවෙන් ක්ෂණික විසදුම් ලබාදීම වැනි නව ක්‍රියාමාර්ග රාශියක් දියත් කිරීමට අද ලංවිම සමත් වෙලා තිබෙනවා.

ඒ වගේම මේ වනවිට පරිහරණය කරනු ලබන ගෘහස්ත විදුලි මීටර් වෙනුවට පෙරගෙවුම් විදුලි මීටරයක් ඉදිරියේදී හදුන්වාදීමට අපි මේ වනවිට කටයුතු සකස් කරමින් පවතිනවා. සැප්තැම්බර් මස අග වනවිට මේ නව මීටර් ව්‍යාපෘතිය දියත් කිරීමට හැකිවෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා “යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *