සයිබීරියාවේ හමුදා මුලස්ථානයක දරුණු පිපිරීම් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) – සයිබීරියාවේ හමුදා මුලස්ථානයේ අවි ගබඩාවක සිදු වූ දරුණු පිපිරීම් මාලාවක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයන් හි ජීවත් වූ දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට සිදු වී ඇත.

මෙම පිපිරීම් හේතුවෙන්අචින්සක් නගරය ආසන්නයේ පුද්ගලයින් 08 දෙනකු තුවාල ලබා ඇති අතර තිදෙනකු වැඩි දුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

පිපිරීම් සිදු වූ පරිශ්‍රයේ කාලතුවක්කු ෂෙල් වෙඩි දස දහස් ගණනක් ගබඩා කර තිබූ බව වාර්තා වේ.
ක්‍රැස්නොයාර්ස්ක් නගරයේ බටහිර කොටසට අයත් පළාත සඳහා හදිසි නීතිය ද පනවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *