සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සහරාන්ගේ කල්ලියේ අවි පුහුණුව ලැබූ තවත් සැකකරුවන් 3 දෙනෙකු ඊයේ(05) අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ හා ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කළ පුද්ගලයින් 3 දෙනෙකු මෙ‍ලෙස අත්අඩංගුවට ගැනුණි. ඔවුන් නුවරඑළිය හා හම්බන්තොට කඳවුරුවලදී අවි පුහුණුව ලබා ඇති බව වාර්තා වේ.

ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මන්සූර් ෂෙයිෆුල්ලා, මාවනැල්ල ප්‍රදේශයේ මුස්තාක් අලි අම්හර් හා මොහොම්මදු සාහීර් හිදායතුල්ලා යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *