ගුවන් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිදැවැන්ත පෙරළියක් ඉදිරියේදී

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිදැවන්ත පෙරළියක් ඉදිරියේදී ඇති කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදීය .මෙහිදී අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය.දුම්රිය බස්රථ ,ගුවන් සේවා හා ගුවන් තොටුපොළ තම අමාත්‍යංශය යටතේ පැවැති ආයතනයි. විශේෂයෙන් කීවොත් කොළඔ තදාසන්න දුම්රිය ව්‍යෘපෘතිය ආරම්භ කිරීම සඳහා ආසියානු සංවරධන අරමුදලින්ද ,මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ,කැලණිවැලි දුම්රිය ව්‍යාපාතිය ඇතුළු දුම්රිය ව්‍යාපෘතිවල ප්‍රධාන සැලසුම් සැකසීමට දැනටමත් පටන්ගෙන තිබෙනවා. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේද මේ වනවිට බොහෝ වැඩ නිම වී තිබෙනවා.දැනටමත් ශක්‍යතා වාර්තා සකස් කර තිබෙනවා. තමන් තම අමාත්‍යංශය බාරගත් පසු දුම්රියට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරන්න රාජ්‍ය ඇමැතිවාරයා ඇතුළු නිලධාරීන් විශාල වශයෙන් මහන්සි වී තිබෙනවා. පෞද්ගලික ප්‍රවාහනයේ යන මගීන් දුම්රියේ ගමන් කිරීමට පෙළඹවීම අරමුණයි.විශේෂයෙන් දුම්රිය එන්ජින් ,දුම්රිය මැදිරි විශාල වශයෙන් ගෙන්වන්න දැනටමත් කටයුතු කර තිබෙනවා.වරායේ සිට තෙල් ප්‍රවාහන සඳහාද දුම්රිය ගැල් මෙරටට ගෙන්වා තිබෙනවා. කොළඹ පාදුක්ක ද්විත්ව මාර්ගය කණු මත ඉදිවන්නේ.කණු මතින් ඉදිකිරීම නිසා ප්‍රධාන පාරවල් 56ක් මඟහැර ඉදිකළ හැකියි.

ඒ තුළින් විශාල වියදමක්ද ඉතිරි වෙනවා.කොළඹ සිට මාකුඹුර දක්වා කණු මතින් දුම්රිය මාර්ගය ඉදිකර එතැන් සිට බිම දිගේ ගෙනියනවා . කොළඹ රාගම දුම්රිය මාර්ගය හතර දක්වාත්,රාගම සිට වේයන්ගොඩ දක්වා දුම්රිය මාර්ග තුන දක්වාත්,වේයන්ගොඩ රඹුක්ක දුම්රිය මාර්ග සංවර්ධනය කරනවා.මුහුදු බඩ මාර්ගය ,කොළඹ පානදුර මාර්ගය දුම්රිය මාර්ග තුනක් බවට පත් කරන්නත් ,පානදුර කළුතර හා කොළඹ මීගමුව දුම්රිය මාර්ග සංවර්ධනය කරන්නත් අදහස් කර තිබෙනවා.මීට අමතරව විදුලි දුම්රිය මාර්ගය ස්ථාපිත කරන්න අවධානය යොමු කර තිබෙනවා.විදුලි දුම්රිය මේ වනවිටත් මිලදී ගැනීම සඳහා පියවර ගෙන තිබෙනවා.මීට අමතරව රජයෙන් දුම්රිය පොළ දියුණු කරන්න මුදල් ලබාදී තිබෙනවා.පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන දුම්රිය පොළ දියුණු කරන්න පියවර ගෙන තිබෙනවා. දුම්රිය පොළවල වහළවල සෝලා පද්ධති ඉදිකර දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල වශයෙන් ආදායම් ලබන තත්ත්වයට පත්කරනවා.

අද දුම්රිය ආසන වෙන් කිරීමේදි විශාල වශයෙන් වංචා සිදුවන බැවින් ඉදිරියේදී නව ඉලොක්ට්‍රෝනික ක්‍රමවේදයක් හරහා ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා.මේ තුළීන් විශාල වශයෙන් ප්‍රවේශපත්‍ර වංචා නතර කර ගත හැකිවෙනවා.දුම්රිය මාර්ග සංවර්ධනය කොට ඉදිරියේදී පැය පහකින් යාපනයට ගමන් කිරීම සඳහා පහසුකම් ඇති කිරීමට නියමිතය. අද බොහෝ වශයෙන් මරදාන හා කොටුව අතර ඇතිවී තිබෙන ප්‍රමාද වළක්වා ගැනීම සඳහා කොටුව මරදාන අතර දුම්රිය මාර්ග හයක් ඉදි කිරීමට නියමිතය. මේ සියලු ව්‍යාපෘති 2025 වනවිට නිම කිරීමට නියමිතයි.දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල වශයෙන් තිබෙන ඉඩම් බොහෝ දෙනෙක් අනවසරයෙන් භාවිතා කරනවා. ඉදිරියේදී ඉඩම් ව්‍යාපාරකයන් සඳහා යම් කාලයටකට බදු දී මුදල් උපයා ගැනීමට නියමිතයි.වසර පහක කාලයකට මේ ආකාරයට බදු දී සංචාරක අංශය දියුණු කරන්න නියමිත බවද ඇමැතිවරයා පැවසීය.

වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ සංවර්ධනය කරන වැඩ සටහන මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.මෙහිදී රියැදුරු ,කොන්දොස්තර ,කාර්මික යන අයටත් උසස්වීම් ක්‍රමවේදයට ඇතුළත් කොට තිබෙනවා.ප්‍රධාන ව්‍යාපෘතිය වන්නේ බස් 2000ක් ආයෝජකයෙක් හරහා ලබා ගැනීමයි.බස් රථ 3000ක් අවශ්‍යයයි.මගීන් බස්රථවල ගමන් කිරීමෙන් ඉවත් වී ඇත්තේ ලොරි චැසිවල ගමන් කිරීම නිසයි.ඉදිරියේදී වැඩි පහසුකම් ලබාගෙන සුඛෝපභෝගී බස් ගෙන්න අදහස් කරනවා. පාපුවරුව පහතට ඇති බස්රථ ගෙන්වීම නිසා ආබාධිත යන්ට ගොඩවිය හැකි බස්රථ ධාවනයට එක් කිරීමට නියමිතයි. ලක්දිව ඉංජිනේරු සමාගම පැරණි බස් 15 ක් මාසයකට වැඩ නිමකිරීමට පියවර ගෙන තිබෙනවා. ජාතික ගමනා ගමන කොමිසන් සභාව පෞද්ගලික බස් හිමියන්ව සුරාගෙන මේ ව්‍යාපාරය කරගෙන ගොස් තිබුණා. නමුත් මා ඒ සියල්ල ඉ වත් කොට යම් සහන පෞද්ගලික බස්හිමියාට ලබාදී එයින් මගීන්ට ද සහනයක් ලබාදීමට කටයුතු කරන්න අදහස් කරනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී .ජයම්පති ,දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ,ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ගුවන්සේවා අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × four =