මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහර අද

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහර අද (07) වීදී සංචාරය කරයි.

දකුණු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ඉදිරි පිටින් රාත්‍රී 6.52 ට පිටත්වන පෙරහර දළදා වීදිය,ඩී.එස්. සේනානායක වීදිය,කොළඹ වීදිය,ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.

අද ශ්‍රී දළදා මාලිගා පෙරහරේ දියවඩන නිලමේ තුමන් ගමන් කරන ස්ථානයේ විෂ්ණු දේවාල බස්නායක නිලමේ වන මහේන්ද්‍ර රත්වත්ත මහතා ගමන් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + six =