අපනයන ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –අපනයන ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා එම අදහස් පල කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බොරතෙල් ආසවන ඒකකය ආරම්භ කිරීම හා ගිනිදැල්ල දැල්වීමේ 50 වන සැමරුම ඊයේ(07) දිනට යෙදී තිබුනි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සපුගස් කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි ඉදිකර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුව විවෘත කිරීමට එක්විය.

සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරුණි. පිරිපහදුවේ දීර්ඝකාලයක් සේවය කළ සේවකයින් ඇගයීම සහ තිළිණ ප්‍රදානයද සිදු කෙරු‍ණේ අග්‍රාමාත්‍යවරයා අතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *