අධ්‍යාපන පද්ධතියට අදාළ සියලු තොරතුරු ඔන්ලයින් ක්‍රමයට

(කොළඹ, ලංකාපුවත්) – මෙරට අධ්‍යාපන පද්ධතියට අදාළ සියලු තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබාගැනීමේ පහසුකම් සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

සිසුන්, ගුරුවරුන් , විදුහල්පතිවරුන් ඇතුලු පාසල් ප්‍රජාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සිදු කෙරුණේ පාසල් සංගණනය මඟිනි.

සෑම වසරකම ජුනි මාසය වන විට එම සංගණන තොරතුරු ලබා ගැනීම සිදු කෙරුණි. එහෙත් නවීන තාක්ෂණික දියුණුවත් සමඟ ඔන්ලයින් ක්‍රමයට එම තොරතුරු ලබා ගැනීම වඩාත් කාර්යක්ෂම බව අමාත්‍යවරයාගේ අදහස වී ඇත. ඒ අනුව පාසල් ප්‍රජාව හා සම්බන්ධ සියලු තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ අවස්ථාව සැලසේ. ඒ සම්බන්ධයෙන් සියලු කලාප අධ්‍යාපන කාර්යාලවල විෂය භාර නිලධාරීන් දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පසුගියදා ඩිජිටල්කරණයට ලක් කෙරුණි. ඒ අනුව ලොව කොතැන සිටියත් ඕනෑම අයදුම්කරුවෙකුට තම විභාග සහතිකපත් ඔන්ලයින් ක්‍රමයට ඇනවුම්කර නිවසටම ගෙන්වා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *