ශාරුක්ගේ දියණිය රංගනයට

(කොළඹ, ලංකාපුවත්) –බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ද ‘The Grey Part Of Blue‘කෙටි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට සුදානමින් සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කර ඇත.

ලන්ඩන් විශ්ව විද්‍යාලයකින් තම උපාධිය අවසන් කල අවුරුදු 19 ක් වන මෙම සුරූපී තරුණිය ඇයගේ පාසල් වේදිකාවේත් කිහිප වතාවක්ම රංගනයෙන් දායක වී තිබුන ද ප්‍රධාන ධාරාවේ නිර්මාණයකට ඇය සම්බන්ධවෙන පළමු අවස්ථාව මෙය බව ද සඳහන් වේ.

එසේම සුහානාගේ සහෝදරයා වන ආර්යන් මෑතකදී ද ලයන් කිං හි හින්දි අනුවාදය සඳහා එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =