නොර්වුඩ් හි නිවාඩු නිකේතනයක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – හැටන් නොර්වුඩ් පොලිස් වසමේ ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක ඊයේ (08) පස්වරු 6.30 ට පමණ හදිසි ගින්නක් හටගෙන ඇත.

දික්ඔය මුලික රෝහල අසල සහ කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම සංචාරක බංගලාවේ උඩු මහලින් ගින්න හටගෙන පසු පහල මහල දක්වා පැතිර ගිය බව පොලිසිය සඳහන් කළේය. සංචාරක බංගලාව ගින්න හට ගන්නා අවස්තාවේ එහි කිසිදු අයෙකු නොසිටි අතර ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.

පැතිර යමින් පැවති ගින්න පාලනය කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය, නොර්වුඩ් පොලිසිය සහ ප්‍රදේශවාසින් එකතුව දැඩි උත්සහයකින් පසු ගින්න පාලනය කිරිමට සමත් වී ඇත.

මෙම ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *