මේ මස අවසන්විමට පෙර නව සන්ධානය ගොඩ නගනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යාමට නම් අලුත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව එක්සත්ව එකමුතුව එක ගමනක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමේ අරමුණින් මේ මස අවසන්විමට පෙර නව සන්ධානය ගොඩ නගන බවද අගමැතිවරයා සදහන් කරයි.

අගැමති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ(08) පැවති දෑ අභිමානී උපහාර උළෙලට එක්වු අවස්ථාවේදී ය.

නාගරික සංවර්ධන අධිකාරිය එය සංවිධාන කර තිබුණි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කළ ඉදිකිරීම් සමාගම් සහ එහි සේවකයන් ඇගයීම මෙහිදි සිදුකෙරිණ. එම ව්‍යාපෘති අතුරින් හොඳම ව්‍යාපෘති තුනට සම්මාන පිරිනැමිම ද අගමැතිවරයා අතින් සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *